අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
උණුසුම් පුවත්
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්














