මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ශ්‍රී ලාංකිකයා එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පීනෑන්ග් මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යංශයට ලද බුද්ධි තොරතුරක් මත නිවසක පවත්වා ගෙන යනු ලැබු මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බවයි මලයාසියානු මාධ්‍ය වාර්තා කළේ
උණුසුම් පුවත්
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට














