රාජ්‍ය ආයතන මත්ද්‍රව්‍යවලින් තොර කලාප බවට පත්කිරීම සඳහා එම ආයතනවල කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අද දිනයේ නිකුත් කිරීමට නියමිතයි .
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කලේ මෙම ව්‍යාපෘතියට භේද අමතක කර සියලු දෙනා එක්විය යුතු බවයි .
රටම එකට කළුතර දිස්ත්‍රික් ජාතික මෙහෙයුම් සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.
කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට මහජන නියෝජිතයන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවුණා.











