ඊයේ දින රුසියාවේ සිදු වූ ප්‍රභල භූ කම්පනයේ ප්‍රථිපලයක් හේතුවෙන් මධ්‍යම රුසියා අර්ධද්වීපයේ ඇති වඩා ක්‍රියාකාරීම ගිනි කන්ද වන කලියුචෙවිස්කෝයි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.
මේ හේතුවෙන් යළිත් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගිනි කන්ද ඊයේ භූ කම්පනය සිදු වූ කම්චැට්කි දූපත් කළාපයට සැතපුම් 280 ක් දුරින් පිහිටා තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් දකුණු ඇමරෙකාව වෙත සුනාමි අනතුරු ඇගවීම් යළි යාවත්කාලීන කරනු ලැබුවා.
ඉන් අනතුරුව නවසීලන්තයට සහ චිලී රාජ්‍යට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ භූ කම්පනය සහ ගිනි කන්ද පුපුරා යාම හේතුවෙන් ඇති විය හැකි අසාමාන්‍ය සුනාමි රළ ධාරා ඉදිරි පැය 24 පුරාවටද පැවතිය හැකි බවයි.
මේ වන විටත් චිලී රාජ්‍යයේ ඇතැම් වෙරළ කාලාප වෙත මීටර 2.5 කින් යුත් සුනාමි රළ ඇතුලු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














