ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණය පිළිබදව විදුලි බල මණඩල වෘත්තිය සමිති සිය විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ ප්රසාද දීමනා ලබාදීම මගින් විදුලි ගාස්තු අඩු කිරීමට කිසිඳු බලපෑමක් නොවන බවයි.
වසර දෙකක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්රසාද දීමනා ලබා දී නොමැති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර එම ප්රසාද දීමනා අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පසුගියදා පැවසුවා.