බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරුවරයා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි ඇති බවට තහවුරු වී තිබෙනවා.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයේදී ඒබ ව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
අද(28) උදෑසන සිදු වූ අනතුරෙන් එක් අයෙක් මියගොස් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබුවා.
තුවාලකරුවන් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙක් කාන්තාවන් බවත් ඉතිරි පස් දෙනාම පිරිමි පුද්ගලයන් බවටයි වාර්තා වන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් පමණ වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.