ඉක්වදෝරයේ වයඹදිග වෙරළ තීරයේදී බොරතෙල් බැරල් 1,200ක් පැසිෆික් කලාපයේ සාගරයට කාන්දු වී තිබෙනවා.
එරට රජය සතු සමාගමකට අයත් මෙම බොරතෙල් කාන්දු වීම හේතුවෙන වෙරළ තීරයේ කිලෝමීටර් 4ක් පමණ අපවිත්‍රවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස බොරතෙල් කාන්දු වීමෙන් අපවිත්‍ර වූ වෙරළ තීරයේ සහ සාගරයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට සතියක පමණ කාලයක් ගත වන බවද අනාවරණය වී තිබෙනවා.