ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එම පද්දතිය බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වන බවයි එම දෙපාර්තුමේන්තුව අවදාරණය කළේ.
ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය හෙට දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27 වැනිදා එනම් එළැඹෙන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන බවයි.
ඒ අනුව පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතින බවද කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කළා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි













