බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක තිබෙනවා.
මහනුවරට පැමිණි අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණ තිබුණා.
එහිදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද සහ අනුශාසනා ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරුන් දෙපළ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද සහ අනුශාසනා ලබා ගත්තා.