බි්රතාන්යයේ නව මුදල් ඇමතිනිය වන රැචෙල් රීව්ස් විසින් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ දින ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව වසර 30 ක කාලයක් තුළ බි්රතාන්යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබෙනවා.
මෙම අයවැය යෝජනාවලියට අනුව වර්ෂයක් සදහා බදු, පවුම් බිලියන 40 කින් වැඩිකර තිබෙනවා.
අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය සදහන් කර ඇත්තේ රාජ්‍ය සේවය බිඳ වැටීමට කොන්සවේටිව් පාලනය වගකිව යුතු බවයි.