අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනයව වන දුම්රියක ගැටීමෙන් එලෙස අනතුරකට ලක්වී අත්තේ BMW වර්ගයේ ජීප් රථයක්.
අදාළ අනතුරින් එහි ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් තිබෙනවා
අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ 06 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.
තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.