බිත්තර ආනයනය කිරීමට රජය ගෙන් ඇති තීරණයට විරෝධය පල කරන බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඔවුන් පවසන්නේ බිත්තර ආනයනයට රාජ්ය තීරණය කර ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්රමවේදයක් සකස් කිරිමට අපොහොසත් වීම හේතුවෙන් බවයි.
එවැනි ක්රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කලා.