බැකෝ සමන්ගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද(04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු කොළඹ බියගම ප්‍රදේශයේදී අද(04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු විසින් දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති බවටද අනාවරණ වනවා.
එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක් පිස්තෝලයක් සහ මැගසිනයක්ද සොයාගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අරපාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.