ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීම සිදුකළ තැනැත්තා ආපශාලාව වෙත බෝම්බය රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයා සිය මුහුණ සඟවාගෙන ගමන් කරන අතර ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.