ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රතිවිරුද්ධ මංතීරුවට හැරී එහි තිබූ ගල්වල ගැටී, පසුව වැලි බැම්මක ගැටී පෙරළී ගොස් ඇති බවයි.
අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
මියගිය පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.













