පැල්මඩුල්ලේ සිට බලන්ගොඩ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද පෙරවරුවේ බලන්ගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක සහ එම දිශාවටම ධාවනය වූ තවත් ලංගම බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී, එක් ලංගම බස් රථයක පාසල් සිසුන් ඇතුළු මගීන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර සුලු තුවාල ලැබූ පාසල් සිසුන් කිහිප දෙනකු සහ අනෙකුත් මගීන් කිහිප දෙනකු රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියනවා.
වැඩිදුර පරීක්ෂණ බලන්ගොඩ පොලිසිය සිදු කරනවා.