Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් ලලිත් හෙට දිවයිනට

    බස් ලලිත් හෙට දිවයිනට

    2026-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්‘ ලබන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිත තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා රාත්‍රියේදී ඔහු මෙරටට රැගෙන එනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි. රවිඳු සංඛ ද සිල්වා හෙවත් ”බූරුමූණා” නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් , 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.
    එමෙන්ම 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමද මොහු මෙහෙයවා ඇති බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම 2025 වසරේ ජූලි 06 වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්ද ”බස් ලලිත්” නැමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් වන කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ, බස් ලලිත් හා වනාතේ චතූ අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරට ආරක්ෂක අංශවෙත දැනුම්දී තිබෙනවා. ඒ අතරින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සහා දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කොණ්ඩ රංජි, ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජයද සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඩුබායි ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරටට දැනුම්දී ඇත්තේ. එමෙන්ම බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය කාලය පුරා ඝාතන රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින වනාතේ චතූ නැමැත්තාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් අදාළ මෙහෙයුම සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    arrest Bus Lalith dubai Lalith Kannangara Ravindu Sanka de Silva
    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    ඊළඟ පුව​ත උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group