බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ කොළඹ විශ්වවිද්‍යාලයේදීයි.
දුගී බව තුරන් කිරීම, සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම, ස්වයං රැකියා දිරිගැන්වීම,ඇතුළු අංශ රැසක සංවර්ධනය සඳහා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.
යෝජනා ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල විද්වතුන් කියා සිටියේ මෙතෙක් පැවති කිසිදු රජයක් දිස්ත්‍රික් සංවර්ධනය සඳහා මෙලෙස අදහස් ලබා ගැනීමට කටයුතු නොකළ බවයි.
ඉදිරියේදී බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පූර්ණ සහාය ලබාදීමට ආචාර්ය මහාචාර්යවරුන් මෙහිදී කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වුනේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයත් කොළඹ විශ්ව විද්‍යාලයක් ඒකාබද්ධව මෙම සංවර්ධන කථිකාවත සංවිධානය කර තිබුණා.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













