බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීම හෙට(12) පස්වරු 4ට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරීමට යෝජිත මෙම නවීන ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 12.22ක්.
පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520ක්.
රජයේ ආයතන 48ක්ට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබනවා.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාලය 40ක් ස්ථාපිත කර ඇති අතර උපතැපැල් කාර්යාලය 215ක්ද ස්ථාපනය කර තිබෙනවා.
2016 වර්ෂයෙන් පසුව නව තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා පැවැති රජයන් කටයුතු නොකරන ලද අතර වත්මන් රජය බලයට පත්වී මුල්ගල් තබන සිව්වැනි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වනවා.
මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තමේන්තුව නව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වත්මන් රජය වෙන්කර තිබෙනවා.
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200කට අධික ඉතිහාසයක් පවතින අතර නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ඨතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වනවා.