හැටන්, ශ්‍රීපාද, මස්කෙළිය, බගවන්තලාව සහ බලංගොඩ යන මාර්ගයන්හි ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සහ බර වාහන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ සහ හැටන් කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(12) දින හදිසි පරීක්‍ෂාවකට ලක්කර තිබෙනවා.
එම මාර්ගයේ පිහිටි හැටන් දික්ඔය නගරයේදී සහ හැටන් අලුත්ගාල්ල ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන් විසින් වාහන පරීක්‍ෂාවට ලක්කළ අතර එම පරීක්‍ෂාවේදී මුල් ආකෘතිය වෙනස්වන ආකාරයට අමතර උපාංග සවි කිරීම, ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහනවල තිබූ අඩුපාඩුකම් රැසක් සපුරා ගෙන යළිත් එම වාහන නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවකට යොමු කිරීමට එම වාහනවල රියදුරන්ට දින 14ක කාලයක් ලබාදෙනු ලැබුවා.
අඩුපාඩුකම් සහිත බර වාහනවල පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරාගෙන යළිත් වාහනය පරීක්‍ෂාවට යොමු කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍ර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් භායරට ගෙන තිබෙනවා.
ආරක්ෂාකාරී ගුණාත්මක ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වාහන පරීක්ෂාව සිදු කළ බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.