ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ නෝර්වුඩ් ඕලිටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්
පානිය ජලය ලබා ගන්නා බට නලයක් තේ වත්තේ කැඩී යාම නිසා එය අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.