බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් බවයි වාර්තාවන්නේ.
එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සේවක පුරප්පාඩු 1,663ක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී.
එහිදී එම කාරකසභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.