බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී ගාමිණි බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වීම භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දිවයින පුරා බන්ධනාගාර තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.