සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය භාවිත කරන අකාරය මෙන්ම තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.
එම වීඩියෝ පටයේ සිටින රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වී තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම සිදුවීම බූස්ස බන්ධනාගාරයේ සිද්ධියක් නොවන බවට එම බන්ධනාගාර අධිකාරිවරයා විසින් තහවුරු කළ බවයි.
කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බූස්ස, ගාල්ල, සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරිවරුන්ට දැනුම් දී ඇති බවයි.













