බන්ධනාගාර තදබදය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා.
බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ සමස්ථ බන්ධනාගාරවල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 30,094ක් වන බවයි.
ඒ අනුව පවතින තත්ත්වයන් හමුවේ බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හරහා තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව එලෙස පැමිණෙන පිරිස් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
උණුසුම් පුවත්
- නවගමුවේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි
- නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
- බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්්‍ය බලයෙන් ක්‍රියාකරන යාත්‍රා යොදා ගැනේ
- යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්











