බන්ධනාගාර කොමසාරිස්වරුන් හතර දෙනෙක් සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට නව රාජකාරී පවර ඇති බව වාර්තා වනවා.
ඒ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්.
ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරට පත් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුර සඳහා මෙතෙක් බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා පත් කර තිබෙනවා.
බන්ධෙනාගාර කොමසාරිස් සැපයුම් ධුරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා පත් කර ඇත්තේ මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසයි.
කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත්තේ මේ දක්වා බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරී කළ ජේ.සී. වීරසිංහ මහතායි.
කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පත්කර ඇත්තේ පුනරුත්ථාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසයි.
මෙම සියලුම පත් කිරීම අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවයි වාර්තාවන්නේ.