බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිවේදනය කර ඇත්තේ බටහිර ගාසා තීරය තුල යුදෙව් ජනාවාස 22 ක් ස්ථාපිත කිරීම සදහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනුමැතිය දී ඇති බවයි.
මේ අතර මෙම ජනවාස සදහා නීත්‍යානුකූල භාවයද ඊශ්‍රායලය ලබා දෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
මේ අතර ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරය වෙත සිදු කරන ප්‍රහාර ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද මධ්‍යම ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් බුරෙයිජ් සරණාගත කදවුරේ සිටි සිවිල් වැසියන් 23 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වුනේ.