පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ යුරෝපා සංගම් සභාපතිත්වය නියෝජනය කරමින්.
ඒ අනුව පෝලන්ත විදේශ අමාත්‍යවරයා ලබන 28 වනදා සිට 31 වනදා දක්වා මෙරුට නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණගැසීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ ක්‍රමයන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.