මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 31වැනිදා ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇති බවයි.
මේ අනුව එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරනු ලබනවා.
එමෙන්ම කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළමු වාරිකය වශයෙන් රුපියල් පහළොස් දහසක මුදලක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා.
දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් දස දහසක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කිරීමෙන් අනතුරුව ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා..
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රජය විසින් මේ සඳහා රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන් කර ඇති බවයි.













