ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම අද බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
ඒ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ආනමඩුව ආසනය සඳහා චමරි ප්‍රියංකා, මතුගම ආසනයට සංජීව එදිරිමාන්න සහ අක්මීමන ආසනයට චානක මාදුගොඩ පත් කෙරුණා.
රජ්ගම ආසනය සඳහා පත්කෙරුණේ මොහාන් ද සිල්වා මහතායි.
ඉසුරු දොඩංගොඩ මහතා බද්දේගම ආසනය සඳහාත් ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයටත් පතර කර තිබෙනවා.
බණ්ඩාරගම ආසනයට ලලිත් වර්ණකුමාර පත්කෙරුණු අතර ප්‍රේමලාල් ජයසේකර මහතා පත් කෙරුණේ නිවිතිගල ආසනය සඳහායි.