ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ හිටපු ප්‍රභල අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු 20 කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වීමට නියමිත බව වාර්තා වනවා .
ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ එම පක්‍ෂයට නැවත එකතු වීමට පක්ෂයේ බලධාරීන් සමඟ අදාළ පිරිස මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.
පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා සමඟ නාරාහේන්පිටදී සාකච්ඡාවකටද සහභාගි වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ .
මෙම හිටපු අමාත්‍යවරු ඇතුළු පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවැති විපක්‍ෂයේ ජන රැළියට ද සහභාගි තිබෙනවා.
මේ අතරින් බොහෝ දෙනෙකු පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් ඒ හේතුවෙන් ඇතැම් පිරිස් මන්ත්‍රී ධූර සදහා තේරී පත්වූ බවත් ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලධාරීන්ට ප්‍රධාශ කර තිබෙනවා .













