පොලිස් නිලධාරීන් 35 ක් සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා නිලධාරින් පිරිසක් මෙලෙස ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 ක්, පොලිස් අධිකාරීවරුන් 04 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් 25 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස් පණිවිඩ හරහා නියෝග ලබා දී ඇති බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු













