159 වන පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ඉදිරිපිට ස්ථාපිත කර ඇති බස් නැවතුම පස්වරු 2.30 සිට පස්වරු 7.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිටිහි බස් නැවතුම වෙත රැගෙන යනු ලබනවා.
එමෙන්ම අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා හයිලෙවෙල් මාර්ගයේ තුන්මුල්ල මංසන්ධියේ සිට තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා කොටසට බර වාහන ඇතුළු කිරීම සීමා කිරීමට ද පොලිසිය කටයුතු කර තිබෙනවා.