කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමා කිසිසේත්ම සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවැනි දිනයටත් ප්‍රකාශ ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල පරීක්ෂා කිරීම් නොකර අනවශ්‍ය ස්ථාන පරීක්ෂා කිරීම හේතුවෙන් තමන් සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමසා ඇත්තේ ඩබ්ලිව් පහළොව හෝටලය ඉදිරිපිට සිදු වූ සිද්ධියෙන් මිය ගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබා දීමට ඔහු සිදු කළ වීරක්‍රියාව කුමක්ද යන්න සම්බන්ධවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














