දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙටි්‍රක් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට රැගෙන ආවා.
මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන ආ බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔවුන්ව නිදහස් කිරීමට රජය පියවර ගත්තා.













