ශ්‍රී ලංකාවට සහ ලොව බොහෝ රටවලට දිස්වන සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාරකා පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගම්ගොඩ මහතා පවසනවා.
සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.
එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද ඒ මහතා සදහන් කලා.