රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දික්කියාය පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ සවස් කාලයේ ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
ඊයේ රාත්‍රී කාලය වන විට අක්කර 150 ක පමණ ගින්න පැතිරගොස් තිබූ බව ප්‍රදේශවාසින් සඳහන් කළා.
මෙම රක්ෂිත යට නිරන්තරයෙන් වන සතුන් දඩයම් කිරීම සඳහා පුද්ගලයින් ඇතුල්වන බවත් වන සතුන් දඩයම් කිරිම සඳහා කිසියම් පිරිසක් විසින් මේසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ.