පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කොට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙක් එම ගිනි අවියද සමග සපුගස්කන්ද පොලිසිය විසින් පසුගියා 13 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අමෙරිකාවේ නිෂ්පාදිත මෙම ගිනි අවිය ස්වයංක්‍රීය ගිනි අවියක් බවයි.
එම ගිනි අවිය සමග ජීව උණ්ඩ 9ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද හතර දෙනාගෙන් දෙදෙනෙකු බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක වන බවයි වාර්තා වන්නේ.
මාකොළ, රන්කෙත්යාය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර පහරකෑමට ලක්වූ තැනැත්තා රෝහල් ගත වන බවට පවසා පොලිසියෙන් ලිපියක් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා ලද හතර දෙනා මාකොළ හා අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













