පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ සැකකාර කාවිංග වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මතයි.
රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කරන ලද බව කියන පහරදීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විටත් රෝහල්ගතව සිටින බවයි වාර්තා වන්නේ.