දියේ ගිලීමෙන් තෙල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(01) දහවල් තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරුණු බවයි.
ඒ අනුව මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් පමණ වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු ඔහුගේ මිතුරන් පස්දෙනෙක් සමග ඉහත ස්ථානයේ දියනාමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














