මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු මෙලෙස මියගොස් ඇති බව බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ ව්‍යාපාරිකයා පසුගිය 25වනදා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.
ඒ අනුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිත අතර, අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් මහව මුලස්ථාන පොලීසිය සඳහන් කළා.