පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා.
වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ.
ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ කිරීම ද ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.














