2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “ පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 / 2026 සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිභෙණන්‍ෘ.
විභාග දෙපාර්තමේන්ත මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දක්වා ඇත්තේ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවයි.
පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.
අයදුම්පත සම්පුර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස “ අපගේ සේවා” යටතේ ඇතිපිරිවෙන් එක්ස්සෑම් සන්ෆෝමේෂන් සෙන්ටර් *වෙත පිවිසිය යුතු වනවා.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .
මාර්ගගත අයදුම්පත් භාරගැනීම හෙට පෙරවරු 09.00ට ආරම්භ වන අතර නොවැම්බර් 28 දින පස්වරු 9.00ට අවසන් වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- අලි ටෙලිෆෝන් මඟුල ස්ථිර වෙයි ! – VIDEO –
- මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ක ආරක්ෂිත පැති බැම්ම කැඩෙයි
- CID වෑන් එකක් ලොරියක ගැටෙයි – පහක් රෝහලට
- අයහපත් කාලගුණයෙන් පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට කල් යයි
- අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
- පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
- ආපදා වලින් මිය ගිය පුද්ගලයන්ට රජයෙන් ලක්ෂ 10ක වන්දියක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරේ.













