නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් පුජ්‍ය මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි.
මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ
මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි.
උණුසුම් පුවත්
- ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
- PHOTO: පළමු වසරට සිසුන් භාරගැනීම අභිමානවත් ලෙස පවත්වයි
- පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය : පොලිසියේ හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන එයි
- සභාපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
- වාහන රැසක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට
- අඟුලානේදී තරුණියක් ඝාතනය කළ සැකකරු අල්ලයි
- අනියම් පෙමක අවසන් ප්‍රතිඵලය
- ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්













