මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මතුගම පොලිසිය පැවසුවේ ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යටිදොළ, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 51ක් පමණ වන යටිදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ අයෙකි.
මොවුන් දෙදෙනා පියා සහ පුතා බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකරුගේ සහෝදරයයකු සමග පුද්ගලයෙක් මත්පැන් සාදයකදී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශ්වයම පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පසුව සිද්ධිය මුල්කරගෙන ඉහත ප්‍රදේශයේදී යළි ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
එම ආරවුලකට මරණකරු සහ තුවාලකරු මැදිහත් වී ඇති අතර එහිදී ආරවුල ඇති කරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එක් අයෙක් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි.
කඩු පහර එල්ල කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෘතදේහය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.