බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු අටක් පමණ වන දරුවෙක් වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බගවන්තලාව පොලිසිය කියා සිටියේ පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී තම අට හැවිරිදි බාල පුතා මෙලෙස ජිවිතක්සයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි හෙලෝන් සසාන් නමැති අට හැවිරිදි 3 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි.
බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි හයක් පමණ ගැඹුරකින් යුත් කපා තිබෙනවා.
එම වලේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ එ අසලින් ගමන් කිරීමට තැත් කළ පාසල් සිසුවා එම වළට වැටෙන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය සැක කරන්නේ.
තම පුතා නිවසේ නොමැති නිසා තමන් ඒ පිළිබඳ සොයා බැලූ බවත් සැක සිතී කැපූ වැසිකිලි වළ ඊයේ(03) දින පස්වරු පහට පමණ පරීක්‍ෂා කිරීමේදී එම වළ අසල තම පුතාගේ පාවහන් යුගල තිබී සොයාගෙන තිබෙනවා.
අනතුරුව වළට බැස පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ පුතා සිටි බවත් පසුව අසල්වාසීන්ගේ ද සහය ඇතිව දරුවා දික්ඔය මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.
එහිදී තම දරුවා මියගොස් ඇති බව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් පැවසූ බවයි මියගිය දරුවාගේ පියා පවසන්නේ.
මියගිය දරුවාගේ සිරුර දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා තබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.