ගලෙන්බිදුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක අද(06) අළුයම සිදු වූ ගින්නකින් කාන්තාවක් දැරියක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු සහ දැරියක් එම ස්ථානයේදීම මියගොස් ඇති බවට ගලෙන්බිඳුණුවැව පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
ගින්න හේතුවෙන් තවත් කාන්තාවන් දෙදෙනෙක් දැරියක් සහ දරුවෙක් බරපතල තුවාල ලබා යකල්ල රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක අයෙක් බවත් මියගිය කාන්තාව වයස අවුරුදු 36ක් හා දැරිය වයස අවුරුදු 13ක් වූ පඬිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණිය බවයි පොලිසිය පවසන්නේ.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමි පුරුෂයා වන මරණකරු විසින් බිරිඳ, බිරිඳගේ මව හා දරුවන් තිදෙනා නිවසේ සිටියදී මෙලෙෂ ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













