අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (07) අවසර ලබා දී තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිදුවිමට මොහු අත්අඩංගුවට ගත්තා.
ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (07) පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට මෙලෙස අවසර ලබා දී තිබුණා.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (05) සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගනු ලැබුවා
එම සිදුවිමට අදාලව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන මනම්පේරී මහතා ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර මෙම සිද්ධියේ සැකකරුවෙක්ව සිටින පියල් මනම්පේරිගේ සහෝදරයා වන සම්පත් මනම්පේරි නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් සිටින බව වාර්තා වනවා.