පෑලියගොඩ, දිප්පිටිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම සිද්ධිය වන අවස්ථාවේ පැනයාමට උත්සහ කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් වයස අවුරුදු 24,34 සහ 44 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය, අංගොඩ, පෑලියගොඩ සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිණිඅවියන් භාවිතා කර ඇති අතර, පළාගිය සැකකරුවන් සොයා පෑලියගොඩ පොලීසිය වැඩිදුරය විමර්ශන කරන බවයි පොලීසිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්රාප්ත වෙයි
- පූර්ණ හා අර්ධ හානි වූ ගොවීන්ට සතයක්වත් වන්දි ලැබිලා නෑ – මැදවච්චයේ 56 තුලානේ ගොවීන්ගෙන් චෝදනාවක්
- අධිෂ්ඨානයේ මෙහෙයුම – අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය පිළිසකර කිරීම අරඹයි
- දිවයිනේ බොහෝ ප්රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි













