පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා.
ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා.
ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණයි.
උප සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ දෙනගම රාහුල හිමියන්ය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම අද පැවැත්වීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාව ආශ්‍රීතව ආරක්ෂාවද තර කර තිබුණා.
ඒ අනුව ප්‍රාදේශීය සභාව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද කැඳවා තිබූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
පසුගිය ජුනි මස 27 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාව පැවැත්වුණු අතර එදින එය සිදු කිරීමට නොහැකි වූවා.
ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන යාම හේතුවෙන්.
එදින එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැනීම අද(24) දිනය දක්වා කල් තැබුණා.
මේ අතර පසුගිය දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ අදාළ නිවසට පොලිස් ආරක්ෂාවද යොදවා තිබූ පසුබිමකයි.